ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ මෙවර අයවැය එක් වැඩි ඡන්දයකින් ජය ගැනීමට ජාතික ජන බලවේගය සමත්ව තිබෙනවා .
එම සභාවේ සභාපති එස්.ජේ.එම් ජයරත්න මහතා ඉදිරිපත් කරන ලද ප්‍රථම අයවැය සදහා එක්සත් ජාතික පක්ෂ එක් මන්ත්‍රි වරයකුගේ ද සහය හිමිව තිබුණා .
ඒ අනුව එක් වැඩි ඡන්දයකින් පාලක ජාතික ජනබලවේගය අයවැය සම්මත කර ගැනීමට සමත් වුණා
අයවැයට පක්ෂව ඡන්ද ජාතික ජනබලවේග මන්ත්‍රීවරු 11 දෙනා සහ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී මලින්ද නවෝද් ප්‍රනාන්දු මහතා ඡන්දය ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් මෙහිදී සමගි ජනබලවේග පක්ෂය ඇතුළු විපක්ෂයට හිමි වූයේ ඡන්ද 11ක් පමණයි.
ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ මුළු මන්ත්‍රි සංඛ්‍යාව 23ක්.
ඒ අතරින් මන්ත්‍රී ආසන 11ක් ජාතික ජනබවේග පක්ෂය දිනා ගත් අතර සමගි ජනබලවේගය පක්ෂ ඇතුළු විපක්ෂයට ඡන්ද 12ක් හිමි වුණා.
අයවැය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම අයවැයට එකග නොවන බවට සමගි ජන බලවේගය ඇතුලු විපක්ෂ කණ්ඩායම ඒකමතිකව ප්‍රකාශ කළ අතර ඒ සඳහා ඡන්ද විමසීමක් සිදු කිරීමටයි කටයුතු කර ඇත්තේ .
එහිදී ජාතික ජනබලවේගය පක්ෂය විසින් ඡන්ද 12 ලබාගත් අතර එකාබද්ධ විරුද්ධ පක්ෂය විසින් ලබාගනු ලැබුවේ ඡන්ද 11ක් පමණයි.













