එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සර උත්සවය සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
මීට පෙර මෙම උත්සවය සැප්තැම්බර් 6 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබුණා.
කෙසේ වෙතත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම දිනය කල් දැමීමටයි එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටුව තීරණය කරනු ලැබුවේ.
එමෙන්ම මෙම උත්සවය සඳහා විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂවලට ආරාධනය කර ඇති බවයි එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා සදහන් කළේ.
කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී මෙම උත්සවය පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.