එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරයෙන් තමන් ඉවත් කළ බවට පවසන ප්‍රකාශයන් අසත්‍ය බව එම පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා.
එවන් ලිපියක් පක්ෂයෙන් තමන් වෙත නොලැබුණ බවයි ඒ මහතා සදහන් කරන්නේ.
එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් පාලිත රංගේ බණ්ඩාර ඉවත් කිරීමට එම පක්ෂයේ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇති බව පක්ෂයේ අභ්‍යන්තර වාර්තා සඳහන් කරනවා.