මේ වනවිට සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ලබාගෙන ඇති පිරිසට පැනවූ පක්ෂ තහනම අහෝසි කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා.
ඒ අනුව සමගි ජන බලවේගයට එක්වූ ඇතැම්සා පිරිසගේ සාමාජිකත්වය අත්හිටුවීමට ගෙන තිබු තීරණය අවලංගු කිරීමටයි එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත්තේ .
එම පක්ෂයේ සම්මේලනය සැප්තැම්බර් 06 වැනිදා පැවැත්වීමට නියමිතයි.
සැප්තැම්බර් 06 වැනිදා කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතව ඇති එක්සත් ජාතික පක්ෂ සම්මේලනය සඳහා හිටපු ජනාධිපතිවරුන්ට, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ නායකයන්ට ඇරියුම් කිරීමට නියමිත බව වාර්තා වනවා .
එහිදී පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමටද නියමිතයි.