එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ සම්මේලනය ලබන මස 10 වනදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
මේ අතර හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන මහත්වරුන් හට පනවා තිබූ තහනම එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ඉවත් කර යළි කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් ලෙස පත් කර තිබෙනවා.
ඒ ඊයේ පැවති එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීයි.
පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මෙම රැස්වීම පැවැත් වුණා.










