එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද පැවැත්වීමට නියමිතයි.
එක්සත් ජාතික පක්ෂ සම්මේලනය සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීම සදහා මෙම පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වනු ඇති .
එක්සත් ජාතික පක්ෂයේ 76 වැනි සංවත්සරය හා පක්ෂ සම්මේලනය සැප්තැම්බර් මස 10 වැනිදා පැවැත්වීමට පක්ෂ කළමනාකරණ කමිටුවේදී ගත් තීරණය අද පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී අනුමත කිරීමට ද නියමිතව ඇති බව පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසුවා.
පක්ෂ සම්මේලනය පැවැත්වෙන ස්ථානය හා සම්මේලනය සංවිධානය කිරීමේ කමිටුව ද මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී අනුමත කර ගැනීමට ද සැලසුම් කර තිබෙනවා.













