එක්සත් ජනපදය සමඟ පැවති වෙළෙඳ සාකච්ඡාවලින් ශ්‍රී ලංකාව අපේක්ෂා කළ අරමුණු සාක්ෂාත් කර ගැනීමට හැකි වූ බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ, අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති අමෙරිකානු තීරු බද්ද 20% දක්වා පහත හෙළීම පිළිබඳව පවත්වනු ලබන මාධ්‍ය සාකච්ඡාවේදීයි.
සාකච්ඡාවල සාර්ථකත්වය හේතුවෙන් ඉදිරියේදී තවත් වෙළෙඳ සාකච්ඡා පැවැත්වීමට අපේක්ෂා කරන බවද ලේකම්වරයා එහිදී වැඩිදුරත් සඳහන් කළා.