එංගලන්තයේ කේම්බ්‍රිජ්ෂයර් හී දුම්රියක ගමන් කරමින් සිටි පුද්ගලයින් පිරිසකට එල්ල වූ පිහි ප්‍රහාරයකින් පුද්ගලයින් 10 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.
එරට කේම්බ්‍රිජ්ෂයර් පොලීසිය පවසා ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ප්‍රහාරය සිදුවන විට මගීන් ඩොන්කාස්ටර් සිට ලන්ඩන් හි කිංග්ස් ක්‍රොස් දක්වා ගමන් කරමින් සිට ඇති බවටයි වාර්තා වන්නේ.
පිහි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයින් 9 දෙනෙකු බරපතළ තත්ත්වයේ පසුවන බවත් ඔවුන් රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති බවත්
විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
සිද්ධියෙන් පසු එම දුම්රියේ ධාවනය අත්හිටුවා ඇති අතර නගරයේ මාර්ග රැසක් වසා දැමීමටද එරට ආරක්ෂක අංශ කටයුතු කර තිබෙනවා.













