ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තරග සංචාරයක් සඳහා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම මෙරටට පැමිණ තිබෙනවා.
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අද උදෑසනය 08.20ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුනා.
ඔවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා
එලෙස පැමිණි කණ්ඩායම නිලධාරීන් සහ ක්‍රීඩකයින්ගෙන් 28 දෙනෙකුගෙන් සමන්විතයි
ඔවුන් එක් දින ක්‍රිකට් තරග 03කට සහ විස්සයි විස්ස ක්‍රිකට් තරග 03කට සහභාගී වීමට නියමිතව තිබෙනවා.













