පිරිමි එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ලකුණු පරතරය අනුව විශාලතම ජයග්‍රහණය වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත්ව තිබෙනවා.
ඒ දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජයට පත් කරමින්.
දෙරට අතර පැවති තෙවැනි එක්දින තරගයෙන් ලකුණු 342ක දැවැන්ත ජයක් ලබා ගැනීමට එංගලන්ත කණ්ඩායම ඊයේ සමත් වුණා.
ඒ අනුව මෙම ජයග්‍රහණය වාර්තා අතරට එක් වුණේ පිරිමි එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ලකුණු පරතරය අනුව වාර්තා වූ විශාලතම ජයග්‍රහණය ලෙසයි .
මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 414ක් රැස් කලා.
එහිදී ජෝ රූට් ලකුණු 100 ක් සහ ජාකොබ් බෙතෙල් ලකුණු 110 ක් ලබා ගැනීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායමට පන්දුවාර 20යි පන්දු 05 කදී සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 72ක් පමණයි