එංගලන්තය හා ඉන්දියාව අතර අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා
තරගය අද පස්වරු 3.30ට එංගලන්තයේ ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි
මෙම තරගයේදී එංගලන්ත ටෙස්ට් නායක බෙන් ස්ටොක්ස්ට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.
ඒ, ඔහු දෙරට අතර පැවැති සිව්වැනි ටෙස්ට් තරගයේදී මුහුණ දුන් උරහිසක ආබාධය හේතුවෙන්.
ඒ අනුව අද පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගයේදී ඔලී පෝප් එංගලන්ත කණ්ඩායම මෙහෙයවීමට නියමිතයි.
අද තරගය සදහා එංගලන්ත කණ්ඩායම වෙනස්කම් 4 ක් සිදු කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව ජේකබ් බෙතෙල්, ගස් ඇට්කින්සන්, ජෙමී ඕවර්ටන් හා ජොෂ් ටොන්ග් කණ්ඩායමට කැදවා තිබෙනවා.
ජොෆ්ර ආචර් හා බ්‍රයිඩන් කර්ස් මෙම තරගයෙන් විවේක ගැන්වීමට තීරණය කර ඇති අතර, ලියම් ඩෝසන් කණ්ඩායමෙන් ඉවත් කිරීමටයි තීරණය කර ඇත්තේ.