එංගලන්තය පුරා පැතිරයන කෝලාහල සම්බන්ධයෙන් ගතයුතු පියවර සාකච්ඡා කිරීම සඳහා අද බි්රතාන්ය අගමැති කාර්යාලයේදී විශේෂ හමුවක් කැඳවා තිබෙනවා.
සංක්‍රමණික ජන කොටස් වලට එරෙහිව සති අන්තයේ එරට ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවති අතර එහිදී පොලිස් නිලධාරීන් සමග ගැටුම් ඇතිකරගත් 150 දෙනෙක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විරෝධතාකරුවන් විසින් සරණාගතයින් පිරිසක් රඳවා සිටින රොතර්හැම් හි හෝටලයකට ප්‍රහාරයක් එල්ලකර තිබුණා.
එමෙන්ම තවත් ප්‍රදේශ රැසක ද කෝලාහල සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ.