සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 3 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.
චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත්.
මෑතකදී විස්සයි 20 සංචිතයට කැදවූ ටෙස්ට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා එක්දින සංචිතය සදහා ද යළි කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.
ඒ අනුව මෙම සංචිතය සදහා Charith Asalanka Pathum Nissanka Kamil Mishara Kusal Mendis Sadeera Samarawickrama Pavan Rathnayake Dhananjaya De Silva Janith Liyanage Kamindu Mendis Dunith Wellalage Wanindu Hasaranga Jeffrey Vandersay Maheesh Theekshana Milan Rathnayake Asitha Fernando Pramod Madushan සහ Eshan Malinga යන ක්‍රීඩකයින් නම් කර තිබෙනවා .
දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලිය හෙට සිට ආරම්භ වනවා .
තරගාවලියේ දෙවන තරගය එළඹෙන 24 වැනිදාත් , තෙවැනි තරගය එළඹෙන 27 වැනිදාත් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.
මේ දක්වා එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර එක්දින තරග 79 ක් පවත්වා තිබෙනවා .
ඒ අතරින් එංගලන්තය තරග 38 ක් ජයග්‍රහණය කර ඇති අතර ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර ඇති තරග සංඛ්‍යාව 37 ක් .
එමෙන්ම තවත් තරග 3 ක් ප්‍රතිඵලයකින් තොරව අවසන් වී තිබෙනවා .
ඊට අමතරව එක් තරගයක් ලකුණු සමව අවසන් වී තිබීමද විශේෂත්වයක් .













