ජාතික ජන බලවේගයට බලය හිමි ඌව පරණගම ප්‍රාදේශීය සභාවේ අයවැය පරාජයට පත්ව තිබෙනවා.
ඌව පරණගම ප්‍රාදේශීය සභාවේ සභාපති දිනදාස රත්නායක මහතා විසින් අයවැය අද(14) ඉදිරිපත් කර තිබෙනවා.
එහිදී අයවැයට පක්ෂව ජාතික ජන බලවේගයේ සභිකයින් 20 දෙනාම ඡන්දය ලබාදී තිබෙනවා.
මෙහිදී අයවැයට විපක්ෂව එක්සත් ජාතික පක්ෂය, ජන අරගල සන්ධානය, පොදුජන එක්සත් පෙරමුණ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය සහ සර්වජන බලය අයවැයට විපක්ෂය ඡන්දය ලබාදුන්නා.
ඒ අනුව අයවැයට විපක්ෂප ඡන්ද 21ක් ලැබීමත් සමග වැඩි ඡන්ද 1කින් අයවැය පරාජයට පත්වූවා.
ඌව පරණගම ප්‍රාදේශීය සභාවේ සභිකයින් 41 දෙනා අතරින් 20 දෙනෙක් ජාතික ජන බලවේගය විසින් දිනාගත්තද විපක්ෂයට සභික ධුර 21ක් හිමි වූවා.
එහිදී සමගි ජන බලවේගයට සභික ධුර 8ක්ද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සභික දුර 5ක්ද එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයට සභික ධුර 3 බැගින්ද සර්වජන බලයට සහ ජන අරගල සන්ධානයට 1 සභික ධුරය බැගින්ද හිමි වුණා.













