2025 වර්ෂය සඳහා වන අ.පො.ස. උසස් පෙළ විභාගය හෙට(10) දින ආරම්භ වීමට නියමිතයි.
උසස් පෙළ විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇති විය හැකි බාධා වළක්වා ගැනීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව එක්ව විශේෂ ඒකාබද්ධ වැඩපිළිවළක් ක්‍රියාත්මක කර තිබෙනවා.
අනපේක්ෂිත කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි ආපදාවලින් මෙවර උසස්පෙළ විභාගයට පෙනී සිටින සිසු දරුවන් හට මුහුණුදීමට සිදු විය හැකි බාධා වළක්වා ගැනීම මෙම වැඩපිළිවෙලෙහි අරමුණ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා.
ඒ අනුව විභාග කාල සීමාව තුළ ආපදා අවදානමින් තොර පරිසරයක් නිර්මාණය කර දීම සඳහා ඒ ඒ පාර්ශ්වකාර ආයතන කටයුතු කළ යුතු ආකාරය ඇතුළත් මාර්ගෝපදේශයක් නිකුත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කර තිබෙනවා.
යම් ආපදා තත්ත්වයක් හේතුවෙන් විභාගයට පෙනී සිටීමට බලපෑමක් එල්ල විය හැකි සිසු දරුවන් හට 117 දුරකථන අංකයට හෝ විභාග දෙපාර්තමේන්තුව විසින් හදුන්වාදී ඇති 1911 දුරකථන අංකයට දැනුම් දිය හැකි බව සඳහන්.












