අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
මෙවරත් විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ටත් විභාගය සඳහා විශේෂ පහසුකම් සලසා දීමට කටයුතු කර ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය සදහන් කළේ.
හෙටින් ආරම්භ වන උසස් පෙළ විභාගය දෙසැම්බර් මස 5 වනදා දක්වා පැවැත්වෙනවා .
මෙවර විභාගය සදහා පාසල් අයදුම්කරුවන් 246,521 පෙනී සිටින අතර පෞද්ගලික අයදුම්කරුවන් 94, 004 දෙනෙකු ඇතුලුව සම්පූර්ණ අයදුම්කරුවන් 340,525 අයදුම් කර තිබෙනවා.
විභාග මධ්‍යස්ථාන 2362 ක විභාගය පැවැත්වෙන අතර සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 325 කුත් ප්‍රාදේශීය රැස්කිරීමේ මධ්‍යස්ථාන තිස් දෙකකුත් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.
උණුසුම් පුවත්
- නවසීලන්තයේ ප්‍රබල ලැව් ගින්නක්
- ඉන්දීය අගමැති භූ තානයේ සංචාරයකට සූදානමින්
- කාම්බෝජයෙන් මුදවා ගත් ශ්‍රී ලාංකිකයින් දිවයිනට
- බදුල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ පිරිසක් අත්අඩංගුවට
- පදියතලාවේ අලෙවි සැලක ගින්නක්
- ඩෙංගු අධිඅවදානම් දිස්ත්‍රික්ක 11 ක්
- අයිස් මත්ද්‍රව්‍ය පැකට් කර බෙදාහරින නිවසක් වටලයි
- උස්ස පෙළ හෙට ඇරඹෙයි











