අධ්‍යයන පොදු සහතික උසස් පෙළ විභාගය නොවැම්බර් මස 10 වැනිදා ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
මාධ්‍ය හමුවක් පවත්වමින් විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය මේ බව කියා සිටියා.
එහිදී ඇය වැඩිදුරටත් කියා සිටියේ උක්ත විභාගය සම්බන්ධයෙන් අයදුම්පත්‍ර කැඳවීම මේවන විටත් ආරම්භ කර ඇති බවයි.
අයදුම්පත්‍ර කැඳවීමේ අවසන් දිනය ජුලි 21 වනදා බවද විභාග කොමසාරිස්වරිය එහිදී කියා සිටියා.
ඒ අනුව 2025 නොවැම්බර් 10 වැනිසා සිට දෙසැම්බර් 05 වැනිදා දක්වා උසස් පෙළ විභාගය පැවැත්වීමට කටයුතු යොදා ඇති බවද විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය කියා සිටියා.