2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පංති පැවැත්වීම හා ඊට සම්බන්ධ සියලු ප්‍රචාරණ කටයුතු අද (04) මධ්‍යම රාත්‍රී 12න් පසු තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා .
මෙවර උසස් පෙළ විභාගය නොවැම්බර් මස 10 වෙනිදා සිට ආරම්භ වීමට නියමිතයි .
2025 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් මස 10 වෙනිදා සිට දෙසැම්බර් මස 05 වැනිදා දක්වා දිවයිනපුරා මධ්‍යස්ථාන 2 362කදී පැවැත්වීමට කටයුතු සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව මෙවර උසස් පෙළ විභාගය සඳහා අයැදුම්කර ඇති පාසල් සිසුන් සංඛ්‍යාව දෙලක්ෂ 46,521ක් .
විභාගය සදහා පෙනී සිටීමට නියමිත සම්පූර්ණ අයැදුම්කරුවන් සංඛ්‍යාව තුන් ලක්ෂ 40,525ක් බවයි විභාග දෙපාර්තමේන්තුව සදහන් කලේ .
මේ අතර අද පැවති මාධ්‍ය හමුවකදී විභාග කොමසාරිස් ජෙනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය සදහන් කලේ මෙම නියෝග පිළිපැදීම සිදු නොකරන පුද්ගලයින්ට නිත්‍යානුකුලව අවශ්‍ය කටයුතු සිදු කරන බවයි .













