තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සඳහා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංගට එරෙහිව මාතලේ මහාධිකරණයේ ක්‍රියාත්මක වන නඩුවේ තීන්දුව එළැඹෙන මාර්තු මස 10 වනදා ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබෙනවා.
මාතලේ මහා අධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා ඉදිරියේ මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ලේ සාක්ෂි අවසන්වීමෙන් අනතුරුව විනිසුරුවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.
පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී පසුගිය වසරේ පැවති ‘ලෙජන්ඩ් ලීග් -2024’ ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීම සඳහා බලපෑම් කළ බවට ඔහු විසින් කළ පැමිණිල්ලකට අනුව මෙම නඩුව ක්‍රියාත්මක වනවා.