දිවයිනේ ජාතික හා පළාත් සභා පාසල් සඳහා උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීම සඳහා වන තරග විභාගයට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව අයදුම්පත් කැඳවා තිබෙනවා.
ඒ සඳහා, රාජ්‍ය සේවයේ ඕනෑම තනතුරක සේවය කරන වයස අවු. 40ට අඩු උපාධිධාරීන්ට අයදුම්පත් යොමු කළ හැකි බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ.
මෙම පියවර ගනු ලැබූවේ දැනට අ.පො.ස. උසස් පෙළ සඳහා පවතින විශාල ගුරු පුරප්පාඩු සංඛ්‍යාවක් කඩිනමින් පිරවීමේ අවශ්‍යතාවයන් හේතුවෙන් බව සදහන් .
එම බඳවා ගැනීමෙන් පසුව ඉතිරිවන හා ඇතිවන පුරප්පාඩු පිරවීම සඳහා අනෙකුත් උපාධිධාරීන් බඳවා ගැනීමට පළාත් සභා විසින් පියවර ගනු ඇති.