උතුරේ ඉඩම් ගැටලුව සමාලෝචනය කර ජනතාවට එම ඉඩම් නැවත ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ යාපනය දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වෙමින්.
එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ ජනතාවගේ ඉඩම් ජනතාවට හිමිවිය යුතු බවයි.
රටේ සංවර්ධන කටයුතු වෙනුවෙන් හෝ ආරක්ෂක හේතූන් මත රටේ ඕනෑම ස්ථානයක ඉඩමක් රජයට පවරා ගත හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම ඉඩම් වෙනුවට ජනතාවට අනිවාර්යයෙන් වෙනත් ඉඩම් ලබා දිය යුතු බවද සදහන් කළා.