උතුරු කොරියාව නව ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතියක් අත්හදා බැලු බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ අධික්ෂණය යටතේයි මෙම නව ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතිය අත්හදා බලා තිබෙන්නේ.
මෙම නවීන මිසයිල උසස් සටන් හැකියාවක් ඇති අද්විතිය තාක්ෂණයකින් යුත් ආයුධ බව එරට රජය පෙන්වා දී තිබෙනවා.
නව ගුවන් ආරක්ෂක මිසයිල අවි පද්ධතිවලට ප්‍රහාරක ඩ්‍රෝන යානා සහ කෲස් මිසයිල වැනි විවිධ ගුවන් ඉලක්ක වෙත වේගයෙන් ප්‍රතිචාර දැක්විමේ හැකියාව පවතිනවා.