මිහිදු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ ධර්මදූත පිරිස මෙරටට වැඩම කර මෙරට සම්බුද්ධ ශාසනය පිහිටුවීම
සිහිපත් කෙරෙන පොසොන් පුර පසළොස්වක පොහොය අදයි.
අනුරාධපුර මිහින්තලා පව්වට වැඩම කළ මිහිදු මහ රහතන් වහන්සේ ලක්දිව එවකට පාලනය කළ දේවානම් පියතිස්ස රජු ඇතුළු පිරිස පංචසීලයේ පිහිටුවා චුල්ලහත්ථි පදෝපම සුත්‍රය දේශනා කළේ ද අදවන් පොසොන් පොහොය දිනකයි.
එමෙන්ම බුදු රජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වී සිව්වන සතියේ රුවන්ගෙයි වැඩ හිදිමින් ප්‍රථම වරට සවණක් බුදුරැස් විහිදීම ද පොසොන් පුර පසළොස්වක පොහොය දිනක සිදුවූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙයි.
එපමණක් නොව ශාසන ඉතිහාසයේ ලියැවුණු තෙවැනි ධර්ම සංගායනාව පැවැත්වීම ද සිදුව ඇත්තේ ද අදවන් උතුම් පොසොන් පොහොය දිනයකයි.