මිරිස්ස, උඩුපිළ ප්‍රදේශයේ තනිව වාසය කළ 72 හැවිරිදි අවිවාහක කාන්තාවක් අභිරහස් ලෙස මිය යෑම සම්බන්ධයෙන් වැලිගම පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
ඇය පදිංචිව සිටි නිවසේ දොර ජනෙල් ඊයේ දින සිට වසා තිබීම හේතුවෙන් ඥාතීන් තුළ ඇති වූ සැකය මත මේ පිළිබඳව පොලීසියට දැනුම් දී තිබෙනවා.
පොලීසිය විසින් නිවසේ දොර විවෘත කර පරීක්ෂා කිරීමේදී, අදාළ කාන්තාව ඇඳ මත මියගොස් සිටියදී සොයාගෙන ඇති අතර, ඇයගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.