විදේශිකයන් පිරිසක් රැගෙන යාමට කටුනායක සිට නුවරඑළිය ග්‍රෙගරි වැව දක්වා පැමිණි සේසනා සී ප්ලේන් ගුවන් යානය අනතුරට හේතුව සෙවීමට සිදුකරන විමර්ශන කටයුතු සඳහා යානය කැබලි කර කොළඹට රැගෙන යාමට සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන් අද(09) පියවර ගෙන තිබෙනවා.
ඊයේ(07) කටුනායක සිට නුවරඑළිය දක්වා පැමිණි සී ප්ලේන් ගුවන් යානය නුවරඑළිය ග්‍රෙගරි වැවේ ගොඩබෑමට යාමේදී සිදු වූ අනතුරකින් ගුවන් යානය ග්‍රෙගරි වැවේදී අනතුරට ලක්වූවා.
අනතුරට පත් ගුවන් යානයේ ඉදිරිපස කොටස ග්‍රෙගරි වැවේ මඩේ සිරවීම නිසා එම ගුවන් යානය ගොඩගැනීමට නොහැකි නිසා මාස්ටර් ඩයිවර්ස් ආයතනයේ සහයෝගය ලබාගෙන අද(09) දින ගුවන් හමුදාව, පොලිස් ජීවිතාරක්ෂක බලකාය, ග්‍රෙගරි වැවේ බෝට්ටුකරුවන්ගේ සහයෝගය ඇතිව මඩේ සිරවී තිබූ අනතුරට පත් ගුවන් යානය ගොඩට ගෙන ග්‍රෙගරි වැවේ මාගස්තොට ප්‍රදේශයට රැගෙනවිත් එම ගුවන් යානයේ කොටස් ගැලවීමට පියවර ගෙන තිබෙනවා.
ගුවන් යානයේ කොටස් ගලවා කොළඹට රැගෙන ඒමෙන් පසු ගුවන් යානයේ අනතුරට හේතුව සොයා විමර්ශන කටයුතු ආරම්භ කරන බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී දමින්ද රඹුක්වැල්ල මහතා කියා සිටියා.
අනතුරට පත් ගුවන් යානය දැක බලා ගැනීමට විදේශිකයන් ඇතුළු විශාල පිරිසක් පැමිණ තිබෙනවා.













