උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.
අධික වර්ෂාවත් සමග බලන සහ කඩිගමුව අතර දුම්රිය මාර්ගයට පස් කඳු කඩා වැටීම සහ සුළු නායයාම් තත්ත්වයක් හේතුවෙන් මෙලෙස ගමනා ගමනයට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
මධ්‍යම පළාතට මේ දිනවල ඇද හැලෙන අධික වැසි හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව තිබෙනවා.
මේ අතර මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ නගරාන්තර සීග්‍රගාමි දුම්රිය ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලිපැනීමකට ලකම්ම හේතුවෙන් ද උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද පස්වරුවේ බාධා එල්ල වූවා.
දුම්රිය දෙපාර්තමේන්තුව කියා සිටියේ දුම්රියේ එක් මැදිරියක් පිලීපැනීමට ලක්ව ඇති බවයි.
එසේම එය පීලිගත කිරීම ආරම්භ කර ඇති බවද එම දෙපාර්තමේන්තුව කියා සිටියා.
පිලීපැනීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කටයුතු සීමා කිරීමටද සිදුව වූවා.