දිට්වා සුළි කුණාටුවත් සමග වෙළෙඳ පොලේ උඩරට එළවළුවලට වඩා පහතරට එළවළු මිල සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බව එළවළු තොග සහ සිල්ල වෙලෙඳුන් පවසනවා.
පහත රට වැවෙන බණ්ඩක්කා, පතෝල,මෑකරල් ඇතුළු එළවළු වර්ග රැසක් කිලෝවක් රුපියල් 400-500ත් අතර සිල්ලර මිලකට අලෙවි කරන අතර, බටු කිලෝවක් රුපියල් 650ක් වැනි මිලකට අලෙවි කරනු ලබන බවයි වෙළෙඳුන් පවසන්නේ.
කැරට්, ගෝවා, බීට්, රාබු, ලීක්ස් වැනි එළවළු වර්ග රුපියල් 300-350ත් අතර මිලකට අලෙවි කරන අතර මාළු මිරිස් කිලෝවක් රුපියල් 1300, බෝංචි රුපියල් 1000 වැනි මිලකට අලෙවි කරනු ලබනවා.
නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයෙන් ඊයේ(18) දින එළවළු කිලෝ 91,510ක ඉල්ලුමක් ලැබුණු බවත්, එම ඉල්ලුමට සරිලන එළවළු වර්ග ගොවීන්ගෙන් මිලදීගෙන එම එළවළු තොග දිවයිනේ විවිධ ප්‍රදේශවලට ප්‍රවාහනය කළ බවත් නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ නිලධාරියෙක් කියා සිටියා.
නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයෙන් ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට නුවරඑළිය එළවළු ගොවීන් සතුව එළවළු අස්වැන්න තිබෙන බනිසා උඩරට එළවළු මිල ඉහළ නොයන බවයි එම නිලධාරියා කියා සිටියේ.













