මිනිත්තු 57කට අඩුකාලයකදී අර්ධ මැරතන් පිරිමි ධාවන තරගයක් ජයගත් ලොව පළමු ක්‍රීඩකයා ලෙස උගන්ඩාවේ 24 හැවිරිදි ජීකොබ් කිප්ලිමෝ වාර්තා අතරට එක්ව තිබෙනවා.
ඒ, ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර පසුගිය 16 වැනිදා පැවැති අර්ධ මැරතන් තරගයක් මිනිත්තු 56යි තත්ත්පර 42කින් අවසන් කරමින්.
උගන්ඩාවේ ජීකොබ් කිප්ලිමෝ මෙම අර්ධ මැරතන් තරගයේදී කිලෝමීටරයක දුරක් ගමන් කිරීමට ගත කර තිබූ කාලය ආසන්න වශයෙන් මිනිත්තු 2යි දශම 6යි 8ක් ලෙස දැක්වෙනවා.
ක්‍රීඩා ලෝකය මවිතයට පත් කරන සිදුවීමක් ලෙස ද විදෙස් මාධ්‍ය මෙය වාර්තා කර තිබෙනවා.