ඊශ්‍රායලයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් ඇතුළු සියලුම විදේශිකයන්ගේ වීසා කාලය මාස තුනක් දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබෙන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසනවා.
ඒ මහතා කියා සිටියේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ඊශ්‍රායලයේ ආගමන හා විගමන ආයතනය හෙවත් පී.අයි.බී.ඒ. ආයතනය මෙම පියවර ගෙන ඇති බවයි.
තානාපතිවරයා වැඩිදුරටත් කියා ිසටියේ දදැනට වීසා කාලය ඉකුත්වන සියලු දෙනාට මෙම සහනය හිමිවන බවත් වීසා කාණ්ඩ 9ක් සඳහා මෙම නහනය හිමිවන බවත්ය.
එසේම දැනට ශ්‍රී ලංකාවට පැමිණ සිටින 119 දෙනෙක්ට නැවත ඉක්මනින්ම ඊශ්‍රායලයට පැමිණිය යුතු බවද තානාපති කාර්යාලයට දන්වා තිබෙනවා.
කෙසේ වෙත් බණ්ඩාර මහතා කියා සිටියේ ශ්‍රී ලංකා රජය හා විදේශ කටයුතු, විදේශ රැකියා අමාත්‍යංශය විසින් ගන්නා ලද ප්‍රතිපත්තිමය තීරණයක් මත ඔවුන් ඊශ්‍රායලයට එවීම ශ්‍රී ලංකා රජය තාවකාලිකව අත්හිටුව තිබෙන බවයි.
නැවත ගුවන් ගමන් ආරම්භ වූ වහාම එම පිරසිට නැවත ඊශ්‍රායලයට පැමිණීමට අවශ්‍ය වීසා දීර්ඝ කිරීම ලබාදෙන බව ඊශ්‍රායලයේ ආගමන හා විගමන ආයතනය තානාපති කාර්යාලයට දන්වා ඇත්තේ.
එසේම යුද්ධය පටන්ගත් දින සිට ඊශ්‍රායලයට නැවත පැමිණීමේ වීසා කල් ඉකුත් වූ කිසිවෙකුටත් ඊශ්‍රායලයට නැවත පැමිණීමේදී ගැටලුවක් මතු නොවනු ඇති බවද නිමල් බණ්ඩාර මහතා පවසනවා.