ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා.
ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සිය මුහුණු පොතේ සටහනක් තබමින් මේ බව සදහන් කර තිබුණා.
ඊශ්‍රායලයේ ජනතාව මේ වන විට සාමාන්‍ය පරිදි සිය එදිනෙදා වැඩ කටයුතු සිදු කරන බවත් සති අන්ත නිවාඩු දින වල සංචාරයන්ගේ නිරත වන බවත් එම සටහනේ සදහන්.
මේ අතර ඊජිප්තුවේ කයිරෝ ගුවන් තොටුපළෙන් ශ්‍රී ලංකාව බලා පිටත් වූ ඊශ්‍රායලයේ සේවය කරන ලද ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු අද උදෑසන 08.00ට දිවයිනට පැමිණ තිබෙනවා.