ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් හිස්බුල්ලා සටන්කාමීන්ගේ ඉහළ පෙළේ නිලධාරියෙකු ඝාතනය කර තිබෙනවා.
දෙපාර්ශ්වය අතර සටන් විරාමය අතරතුර මාස ගණනාවකට පසු බේරූට් වෙත එල්ල කළ පළමු ප්‍රහාරය මෙයයි.
හයිතම් අලි අල්-තබ්තබායි නමැති මොහු හිස්බුල්ලා සංවිධානයේ මාණ්ඩලික ප්‍රධානීයා වන අතර ඔහු එම සංවිධානයේ තනතුරු ගණනාවක් දැරූ ප්‍රවීණයෙක් බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
හිස්බුල්ලා සංවිධානය ද තබ්තබායිගේ මරණය තහවුරු කළ අතර මෙම ප්‍රහාරයේදී ඔහු ඇතුලු පස් දෙනෙකු මියගියා.
තවත් 28 දෙනෙකු ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති බවයි ලෙබනන් සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කර තිබුණේ.













