පලස්තීන ජනතාවට එරෙහිව ප්‍රචණ්ඩත්වයට උසිගැන්වීමේ චෝදනාව යටතේ ඊශ්‍රායලයේ දක්ෂිණාංශික අමාත්‍යවරුන් දෙදෙනෙකුට එංගලන්තය සම්බාධක පනවා තිබෙනවා.
ඒ, ඉටමාර් බෙන්ග්විර් සහ බෙසලෙල් ස්මොටි්‍රච් යන මෙම අමාත්‍යවරුන් දෙදෙනාටයි.
ඒ අනුව ඔවුන්ට බ්‍රිතාන්‍යයට ඇතුළුවීම තහනම් කර තිබෙනවා.
එමෙන්ම ඔවුන් සතුව එරට ඇති ඕනෑම වත්කමක් අත්හිටුවීමට මේ අනුව හැකියාව පවතිනවා.
මෙම තහනම ඔස්ට්‍රේලියාව, නෝර්වේ, කැනඩාව සහ නවසීලන්තය සමග ඒකාබද්ධව සිදුකළ කටයුත්තක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.