ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු / ඇමරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුණ ගැසී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ ඇමරිකාවේ ධවල මන්දිරයේදීයි.
එහිදී ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ තමාට අවශ්‍ය ගාසා තීරය අත්පත් කරගත් පලස්තීනුවන් නැවත පදිංචි කිරීමට බව එරට මාධ්‍ය සඳහන් කළේ.
වෙනත් තැනක ඔවුන් පදිංචි කළ යුතු බව ට්‍රම්ප් පෙන්වා දි තිබෙනවා.
ධවල මන්දිරයේදී ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමඟ පැවැති ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ අවශ්‍ය නම් ගාසා තීරය ඇමරිකාවට පවරා ගත හැකි බවයි.
ගාසා තීරය නැවත ගොඩනඟන අතරතුර පලස්තීනුවන් ඉන් පිටත නැවත පදිංචි කළ යුතු බව ඔහු යෝජනා කළා.
එහෙත් මැද පෙරදිග පුරා රටවල් මෙම යෝජනාව මීට පෙර ප්‍රතික්ෂේප කර තිබුණා.
ඇමරිකා ජනාධිපතිවරයාගේ දෙවන ධූර කාලය තුළ එරට සංචාරය කළ පළමු විදේශීය නායකයා වන්නේද නෙතන්යාහුයි.