පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ඊශ්‍රායලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින් තුන්දෙනෙකු හෙට දිනයේදී කයිරෝ ගුවන්තොටුපළ හරහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාතිපති නිමල් බණ්ඩාර මහතා පවසනවා.
ඔවුන්ගේ කටයුතු ඊජිප්තුවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් සිදු කෙරෙනවා.
මේ අතර ශ්‍රී ලංකාව බලා පිටත්වීමට තවත් 12 දෙනෙකු ඊයේ තානාපති කාර්යාලය පැමිණි අතර ඉදිරි දිනවල ඔවුන් ශ්‍රී ලංකාව බලා පිටත්වීමට නියමිත බවයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසන්නේ.
මේ අතර ඉන්දියන් රජය තම විදේශ සේවකයන් රැගෙන යාමට ජෝර්දානයේ අම්මාන් ගුවන් තොටුපලේ සිට නව දිල්ලි ගුවන් තොටුපල දක්වා ගුවන් යානා කීපයක් ක්‍රියාත්මක කරන අතර එම යානාවල ශ්‍රී ලාංකිකයන් ගණනාවකට ආසන සැපයීම කළ හැකි බව ඊශ්‍රායලයේ ඉන්දීය තනාපති කාර්යාලය දන්වා තිබුණා.
මෙම යානාවල ගමන් වාර ලබා ගැනීම විදේශ අමාත්‍යාංශය විසින් අනුමත කොට තිබෙනවා.