ඊශ්‍රායලයේ පවතින යුදමය තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව බලා ගමන් කිරීමට අපේක්ෂිත පිරිස වෙනුවෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ අනුව ඉන්දියන් ගුවන් සමාගම මගින් ක්‍රියාත්මක කරනු ලබන ජෝර්දානයේ අම්මාන් සිට ඉන්දියාවේ නවදිල්ලිය දක්වා පියාසර කරනු ලබන ගුවන් යානාවල ආසන කිහිපයක් ලබාදීමට ඉන්දීයානු රජය එකඟතාවයට පත්ව ඇති බවයි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසන්නේ.
ඒ අනුව එම ගුවන් යානාවල ගමන් කිරීමට අපේක්ෂා කරන පිරිස් තානාපති කාර්යාලයට පැමිණ ලියාපදිංචි වන ලෙස ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම්දී තිබෙනවා.
ටෙල් අවිව් සිට ජෝර්දානයේ අම්මාන් නුවර දක්වා ප්‍රවාහන පහසුකම් නෙමිලේ ලබාදෙනු ඇති බවත් අම්මාන් සිට නවදිල්ලි දක්වා ගුවන් ගමන් සඳහා කිසිදු අය කිරීමක් නොමැති බවද තානාපති කාර්යාලය සඳහන් කර තිබෙනවා.
කෙසේ වෙතත් නවදිල්ලියේ සිට කොළඹ අතර ගුවන් ගමන සඳහා මුදල් ගෙවා ටිකට්පත ලබාගත යුතුයි.
අදාළ ගමන්වලදී එම රටවල තානාපති කාර්යාල විසින් කටයුතු සම්බන්ධීකරණය කරනු ඇති බවත් මේ සඳහා උනන්දුවක් දක්වන පිරිසක් 2025 ජුනි මස 23 සහ 24 යන දිනවල පමණක් ලියාපදිංචි කරන බවයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාරයාලය වැඩිදුරටත් දැනුම් දෙන්නේ.