මැද පෙරදිග කලාපය හරහා ඇති වෙමින් පවතින උණුසුම් ආරක්ෂක ප්‍රවණතා සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් පසුවන ලෙස ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට සිටින ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දී තිබෙනවා.
පැමිණෙන ඕනෑම අවදානම් තත්ත්වයක් පාලනය කිරීමට ඊශ්‍රායල් ආරක්ෂක අංශ සූදානමින් සිටින බවත් ඊශ්‍රායල් ආරක්ෂක අමාතංශය නිරන්තරයෙන් තොරතුරු හා උපදේස යාවත්කාලීන කරනු ඇති බවත් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පෙන්වා දෙනවා.
හදිසි අවස්ථාවක ඇතිවන මිසයිල ප්‍රහාර පිළිබඳ සෑම ස්මාර්ට් ජංගම දුරකථනයකටම තොරතුරු ලැබෙන අතර සයිරන් හඬ නිකුත් වුවහොත් තමා ආසන්නයේ ඇති ආරක්ෂක කුටියක රැකවරණය ලබාගත හැකි බවත් එහි දැක්වෙනවා.
පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන අද(31) පෙරවරු 10 සිට පස්වරු 2 දක්වා තානාපති කාර්යාලය විවෘත තැබෙන බවත් මෙම කාලය තුළ සාමාන්‍ය රාජකාරී සිදුකර ගත හ ැකි බවත් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරනවා.













