Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, අප්‍රේල් 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඊශ්‍රායලයේ වත්මන් තත්ත්වය

    ඊශ්‍රායලයේ වත්මන් තත්ත්වය

    2025-06-22කියවීමට මිනිත්තු 3ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ගතවූ පැය 24 තුළ ඊශ්‍රායලයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාර වලින් ශ්‍රී ලාංකිකයන්ට හෝ වෙනත් කිසිවෙකුට තදබල හානි වාර්තා නොවන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාතිපති නිමල් බණ්ඩාර මහතා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

    ඊශ්‍රායලයේ සාමාන්‍ය ජන ජීවිතය සාමාන්‍ය ආකාරයට ක්‍රියාත්මක වන බවයි නිමල් බණ්ඩාර මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා සඳහන් කර තිබෙන්නේ.

    මේ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහන පහතින්.

    1. පෙරේදා රාත්‍රී TABA දේශසීමාව හරහා කොළඹ බලා ගමන් කිරීමට ඊජිප්තුවට ඇතුල් වූ ශ්‍රී ලාංකිකයන් හතර දෙනාගෙන් වලංගු ඊශ්‍රායිල් විසා නොමැතිව සිටි පිරිස හේතුවෙන් පැය ගණනාවක් රදවාගෙන ප්‍රශ්න කර තිබුන ද පසුව ඊජිප්තුවේ ශ්‍රී ලංකා තානාපති සිසිර සෙනවිරත්න මහතා හා කාර්යය මන්ඩලය ඊජිප්තුවේ ආරක්ෂක හා දේශසීමා කණ්ඩායම් සමඟ කළ සම්බන්ධීකරණය නිසා ආරක්ෂක හමුදාවේ සහායෙන් ඔවුන් ඊයේ උදේ කයිරෝ ගුවන් තොටුපලට පැමිණ තිබේ. මෙම හතර දෙනා අද උදාසන් 02.00 කයිරෝ ගුවන් තොටුපළෙන් ශ්‍රී ලංකාව බලා පිටත්වීමට නියමිතය.

    2. ඊයේ දවස තුළ ශ්‍රී ලංකාව බලා පිටත්වීමේ අපේක්ෂාවෙන් තිදෙනෙක් පැමිණි අතර තානාපති කාර්යාලය ඔවුනට අවශ්‍ය ලියකියවිලි සකස් කර දෙන ලදී. ඔවුන් පිරිස ද TABA දේශ සීමාව ඔස්සේ කයිරෝ ගුවන්තොටුපල දක්වා ගොස් කොළඹ බලා යාමට නියමිතය. ඔවුගේ කටයුතු සම්බන්ධීකරණය කිරීමට ඊජිප්තුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු කරනු ඇත.

    3.දැනට ඊශ්‍රායලයේ සේවය කොට ශ්‍රී ලංකාවට නිවාඩුව සඳහා ගොස් සිටින 119 දෙනෙකුගේ කණ්ඩායමක් සිටින බව තානාපති කාර්යාලයට දන්වා ඇත. එයට අමතරව ඩුබායි හා අබුඩාබි ගුවන්තොටුපලවල රැදී සිටි 10 දෙනෙකු ද ශ්‍රී ලංකාව බලා නැවත ගොස් තිබේ. ඔවුන්ගේ RE -ENTRY විසා කාලය දීර්ඝ කර ගැනීමට PIBA ආයතනයට දන්වා තිබේ. ශ්‍රී ලාංකිකයන් පමණක් නොව මෙසේ ඉරාන ප්‍රහාර ආරම්භ වීම හේතුවෙන් RE -ENTRY විසා කාලය ඉකුත් වූ සියලුම විදේශිකයන්ට නැවත ඊශ්‍රායලයට පැමිණීමට හැකිවන පරිදි නැවත ජාත්‍යන්තර ගුවන් සේවා ආරම්භ වූ වහාම පියවර ගන්න බව ඔවුන් ප්‍රකාශ කර තිබේ. ශ්‍රී ලාංකිකයන්ගේ RE-ENTRY විසා කාලය දිගු කර ගැනීමට තානාපති කාර්යාලය ඔවුනට උපකාර කරනු ඇත.

    4. මේ අතර ඉන්දියා රජය විසින් ඉල්ලුම්කරන ලද ඉන්දියා ජාතිකයන් තම රටට රැගෙන යාම සඳහා ජෝර්දානයේ අම්මාන් නගරයේ සිට නවදිල්ලි ගුවන් තොටුපල දක්වා වරින්වර ගුවන් යොදවන බව ඊශ්‍රායලයේ සිටින ඉන්දීය තානාපතුතුමා ප්‍රකාශ කරන ලදී. මේ ගුවන් මාර්ගය භාවිතා කොට අම්මාන් ගුවන්තොටුපල හා නව දිල්ලි ගුවන් තොටුපල හරහා කොළඹ බලා යාමට අපේක්ෂා කරන පිරිස් තානාපති කාර්යාලයට පැමිණ ලියාපදිංචි වන මෙන් කාරුණිකව දන්වමි.

    5. ඊශ්‍රායලයේ සාමාන්‍ය ජන ජීවිතය සාමාන්‍ය ආකාරයට ක්‍රියාත්මක වේ. වෙළඳසල් විවෘතව පවතී. රජයේ අත්‍යවශ්‍ය සේවා නිසි පරිදි ක්‍රියාත්මක වේ. එහෙත් මහජන එක්රැස්වීම්, 20 දෙනෙකුට වඩා සහභාගී වන උත්සව සඳහා සීමාවන් පැනවීම තවමත් ක්‍රියාත්මකය. පාසල් හා විශ්ව විද්යාල ක්‍රියාත්මක නොවන අතර සිසුනට අන්තර්ජාලය හරහා ඉගැන්වීම් කෙරේ.

    6. හයිෆා විශ්ව විධයාලයේ පශ්චාත් උපාධිය හදාරන් ශ්‍රී ලාංකිකයෙකු සිටින අතර ඔහුගේ කටයුතු පිළිබඳව නිරන්තරයෙන් තානාපති කාර්යාලය දැනුවත් කෙරේ.

    7. ටෙල්- අවිව් ජාත්‍යන්තර ගුවන් තොටුපල හා ඊශ්රායිල් ගුවන් අවකාශය තවමත් වසා දමා තිබේ.

    8. ඊශ්‍රායිල් ආරක්ෂක අංශයන් හා PIBA ආයතනය විදේශීය ශ්‍රමිකයන්ට අවශ්‍ය තොරතුරු යාවත්කාලින කරන අතර ඒවා පිලිබඳව අවධානයෙන් සිටින ලෙස දැනුම් දෙමි.

    9. අද දින තානාපති කාර්යාලය සාමාන්‍ය සේවා දිනයක් ලෙස ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකා බලා යාමට අවශ්‍ය හා වෙනත් රාජකාරි සඳහා තානාපති කාර්යාලයට පැමිණිය හැක.

    පෙර පුව​තජපානයේ භූ කම්පනයක්
    ඊළඟ පුව​ත ගුවන් මගියෙකුගේ ගමන් මල්ලේ ජීව උණ්ඩයක්

    සබැ​ඳි පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group