ඊශ්‍රායලය ඊයේ දිනයේදී ද ගාසා තීරය ඉලක්ක කරගනිමින් දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර තිබෙනවා.
ගාසා නගරය ඉලක්ක කරගනිමින් ඊයේ එල්ල කළ ප්‍රහාරයන්ගෙන් අල් අහ්ලි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
ඊශ්‍රායලය ගාසා නගරයේ බලය අතපත් කර ගැනීමට කටයුතු කරමින් සිටින අතර ඒ හේතුවෙන් මිලියනයකට අධික පිරිසක් නගරයෙන් බලහත්කාරයෙන් ඉවත් කිරීමට ඊශ්‍රායලය කටයුතු කරන බවට මානව හිමිකම් සංවිධාන චෝදනා කරනවා.