මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ඊශ්‍රායලයට නියමිත දින පැමිණීමට නොහැකි වූ විදේශිකයින්ගේ RE-ENTY වීසා කාලය දීර්ඝ කිරීමට PIBA ආයතනය කටයුතු කර ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසනවා.
මේ සම්බන්ධව සියලු ගුවන් සේවාවලට දැනුම් දී ඇති බවත් ඊශ්‍රායලය වෙත පැමිණීමට ගුවන් යානා ආරම්භ කළ පසු අවහිරයකින් තොරව ඔවුන්ට ඊශ්‍රායලය කරා පැමිණීමට හැකි වනු ඇති බවත් ඔහු සඳහන් කළා.
එමෙන්ම ඉන්දීය රජය මගින් ක්‍රියාත්මක කර ඇති අම්මාන් අම්මාන් ගුවන්තොටුපොළේ සිට නවදිල්ලිය බලා පිටත්ව යාමට නියමිත ගුවන් යානයේ ගමන් කිරීමට ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ලියාපදිංචි වී තිබෙන අතර අදාළ ගුවන් යානය එළැඹෙන 25 වැනි දින ගමන් කිරීමට නියමිත බව ද සඳහන්.
තවද ඉදිරි දින කිහිපය තුළ ඊජිප්තුව හරහා ශ්‍රී ලංකාව බලා ගමන් කිරීමට ශ්‍රී ලාංකිකයින් 20 දෙනෙකු තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටින බවත් මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ ඇති පිරිස 05 දෙනෙකු බවත් සඳහන්.
ඊශ්‍රායලය හා ඉරානය පූර්ණ සටන් විරාමයකට එකඟ වූ බව අමෙරිකානු ජනාධිපතිවරයා පැවසුවද මේ සම්බන්ධව ඊශ්‍රායල් රජය විසින් මේ දක්වා නිල ප්‍රකාශයක් සිදුකර නොමැති බවද නිමල් බණ්ඩාර මහතා සඳහන් කළා.