“ඊගල්ස් මොන්සූන් කුසලාන” ගොල්ෆ් තරඟාවලිය පසුගියදා ත්‍රිකුණාමලය වරාය නගරය අසල පිහිටි චයිනාබේ හිදි පැවත්වුණා.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස් සමග එක්ව සංවිධානය කළ මෙම තරගාවලිය මෙවර පැවැත්වූයේ සිව්වන වරටයි.
මේ සදහා විදෙස් ගොල්ෆ් ක්‍රිඩකයින් රැසක් ද සහභාගී වුණා.
ස්ටේබල් ෆර්ඩ් ලකුණු ක්‍රමය යටතේ පවත්වන ලද තරඟාවලිය ආරම්භ වූයේ කාන්තා ගොල්ෆ් ක්‍රීඩිකාවන් 13 දෙනෙකු ඇතුළු ගොල්ෆ් ක්‍රීඩකයින් 80 දෙනෙකුගේ සහභාගීත්වයෙන්.
හිටපු ගුවන් හමුදාපතිවරයකු වූ එයාර් චීෆ් මාෂල් ජයලත් වීරක්කොඩි පළමු ටී-ඕෆ් ලබා ගැනීමෙන් අනතුරුව තරඟාවලිය නිල වශයෙන් ආරම්භ කරනු ලැබුවා.
පිරිමි කාණ්ඩයේ වැඩිම ලකුණු ලබා ගනිමින් විශ්‍රාමික වින්ග් කමාන්ඩර් ලක්මාල් ගුණවර්ධන ඊගල්ස් මොන්සූන් කුසලානය දිනා ගත් අතර, කාන්තා කුසලානයේ ජයග්‍රාහිකාව වූයේ ප්‍රවීනා දුනුවිලයි.











