මහනුවර, රිච්මන්හිල් කොටසට ඉහළ හන්තාන කොටසේ ඊයේ දහවල් හදිසි ගින්නක් ඇතිව තිබෙනවා.
මේ සම්බන්ධයෙන් මහනුවර පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන්,යුධ හමුදා නිලධාරීන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතිව ගින්න නිවා දමා තිබෙනවා.
මෙම ගින්න අක්කර 12කට ආසන්න භූමි ප්‍රදේශයකට ව්‍යප්ත වී ඇතැයි පොලිසිය සදහන් කරයි. ගින්නෙන් ජීවිත හානි සිදුව නැහැ.
මහනුවර පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.