ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇදහැලෙන අධික වැසිත් සමග ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් ඊයේ(20) දින අලුයම සිට තවදුරටත් විවෘත කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසනවා.
ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් අධික වැසි පතිත වුවහොත් එම ජලාශයේ සෙසු වාන් දොරටු ස්වයංක්‍රියව විවෘත වන බැවින් ජලාශ වේල්ලට පහළින් කොත්මලා ඔයේ දෙපස පදිංචිකරුවන් සැලකිලිමත් ලෙස සිටින ලෙසයි ආපදා කළමනාකරණ ඒකකය ඉල්ලා සිටින්නේ.
ප්‍රදේශයට ඇදහැලෙන අධික වැසිත් සමග සෙන් ක්ලේයාර් සහ ඩෙවාන් දිය ඇළිවල ජල ධාතරිතාව ඉහළ ගොස් තිබෙනවා.