ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වැසිත් සමග එම ජලාශයේ වාන් දොරටු දෙක්ක අද(03) පස්වරුවේ සිට විවෘත කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසනවා.
එම ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් අධික වැසි පතිත වුවහොත් එම ජලාශයේ සෙසු වාන් දොරටු ස්වයංක්‍රීයව විවෘත වන බැවින් ජලාශ වේල්ලට පහළින් කොත්මලාඔයේ දෙපස පදිංචිකරුවන් සැලකිලිමත් ලෙස සිටින ලෙයසි නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය ඉල්ලා සිටින්නේ.
කාස්ලරී සහ මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව සමග එම ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වී ඇති බවත් ජලාශවල ජල මට්ටම ඉහළ යාමත් සමග ලක්ෂපාන, නව ලක්ෂපාන, කැනියොන්, පොල්පිටිය සහ විමලසුරේන්ද්‍ර යන ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බවත් එම නිසා කැනියොන් සහ ලක්ෂපාන ජලාශවල වාන් දොරටු විවෘත කර තිබීම නිසා කැලණි ගඟේ ජල මට්ටම තරමක් ඉහළ ගොස් ඇති බවයි එම ජලාශභාර ඉංජිනේරුවරුන් කියා සිටියේ.