ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙක්ක විවෘත කර තිබෙනවා.
නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කියා සියේ අද(31) පස්වරුවේ සිට දොරටු දෙක විවෘත කර ඇති බවයි.
එසේම ජලපෝෂක ප්‍රදේශයන්ට තවදුරටත් වැසි ලැබුණහොත් ජලාශයේ සෙසු වාන්දොරටු ස්වයංක්‍රීයව විවෘත විය හැකි නිසා ජලාශ වේල්ලට පහළින් සිටින අය අවධානයෙන් පසුවන ලෙසට ආපදා කළමනාකරණ ඒකකය ඉල්ලා සිටිනවා.