ඉහළ කොත්මලේ ජලාශයේ තිබී පිරිමි මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ ඉහළ කොත්මලේ ජලාශයේ නානුඔය වත්තට ආසන්න ප්රදේශයේ පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඇති බවට ලැබුණු තොරතුරක් මත විමර්ශනයක් ආරම්භ කල බවයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ 28 හැවිරිදි පතන, මවුන්ට්වර්නන් වත්ත ප්රදේශයේ පදිංචිව සිටි තරුණයෙකු බවට පොලීසිය විසින් හඳුනාගෙන තිබෙනවා.
ඔහුගේ මෘත ශරීරය අසල තිබී මුදල් පසුම්බියක් ද සොයා ගෙන ඇති බව සඳහන්.
මෙම තරුණයාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය රෝහලේ තැන්පත් කර ඇති බව පොලීසිය සඳහන් කළා.