සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි යන අයව ඉන්දියාවට රැගෙන ගිය බෝට්ටුව පැදවු පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, කොළඹ අපරාධ කොට්ඨාසය විසින්.
එමෙන්ම එම බෝට්ටුව යාපනය අරාළිතුඩුව මුහුදු තීරයේ තිබී පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මෙම බෝට්ටුව ඒ. ආනන්දන් නමැති අයෙකුට අයත් අශ්වබල 400 ක එන්ජිමකින් යුත් බෝට්ටුවක් බවටයි අනාවරණය වී ඇත්තේ.
බෝට්ටු අයිතිකරුගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී අදාළ සැකකරු සහ මෙම බෝට්ටුව සොයාගැනීමට හැකිව තිබෙනවා.











