ඝාතනයේ ප්‍රධාන සැකකාරියක් වන ඉෂාරා සෙව්වන්දිගේ මව වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටියදී මියගොස් තිබෙනවා.
හෘදයාබාධයක් හේතුවෙන් ඉෂාරා සෙව්වන්දිගේ මව පසුගිය 11 වනදා මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ඉෂාරා සෙව්වන්දිගේ මව සහ සහෝදරයා යන දෙදෙනාම ඝාතනයට ආධාර කිරීම සහ අනුබලදීමේ චෝදනාව මත මීට පෙර අත්අඩංගුවට ගැනුණා.
මේ අතර ඝාතනය සම්බන්ධයෙන් තවමත් නිදැල්ලේ සිටින ඉෂාරා සෙව්වන්දි සොයා ගැනීමට සහ අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන දිගටම සිදු කරනු ලබනවා.