අලුත් කඩේ අධිකරණ සංකීර්ණය තුළදී සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේ මුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරියට ඉන්දියාවට පලායාම සඳහා යොදා ගත් බෝට්ටුව පොලිස් භාරයට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කරනවා.
එමෙන්ම එම බෝට්ටුව යාපනය අරාළිතුඩුව මුහුදු තීරයේ තිබී පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මෙම බෝට්ටුව ඉෂාරා සෙව්වන්දිට ඉන්දියාවට පලායාමට මඟ සැලසූ බව කියන ඒ. ආනන්දන් නමැත්තාට අයත් අශ්වබල 400ක එන්ජිමකින් යුක්ත බෝට්ටුවක්.
කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල කාරියවසම් මහතා ප්‍රමුඛ නිලධාරීන් කණ්ඩායමක් ආනන්දන් නමැත්තාගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්නකිරීමේදී අදාළ සැකකරු සහ මෙම බෝට්ටුව සොයාගැනීමට හැකිවී තිබෙනවා.
කොළඹ නුවර මාර්ගයේ තිහාරිය ඕගොඩපොළ ප්‍රදේශයේ රැඳී සිටියදී අත්අඩංගුවට ගත් ඒ. ආනන්දන් නැමැති සැකකරු පැය 72ක කාලයකට රැඳවුම් නියෝග මත සිදු කළ ප්‍රශ්න කිරීමේදී සැකකරුගේ පෙන්වා දීම මත එම ගිනි අවි සහ ජීව උණ්ඩ ඉෂාරා සෙව්වන්දීට ඉන්දියාවට පලායාම සඳහා යොදාගත් බෝට්ටුව මෙසේ සොයාගෙන තිබෙනවා.













