සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු බව කියන ගනේමුල්ලේ සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි නමැත්තිගේ ගිණුමකට රුපියල් 50000ක මුදලක් තැන්පත් කළ අයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
සැකකරු විසින් සැකකාරියගේ ගිණුමට මුදල් තැන්පත් කර ඇති බව අපරාධ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබෙනවා.
අදාළ මුදල මාර්ගගත ක්‍රමයට තැන්පත් කර ඇති බවත් ඝාතන සිදුවීම සිදු වූ අවදියේදී මුදල් තැන්පත් කර ඇති බවත් පොලිසිය පවසනවා.
පොලිසිය කියා සිටියේ සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කෙරෙන බවත් සැකකරු පාතාල කල්ලිවලට සම්බන්ධද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරෙන බවත්ය.
එම නිසා සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඒ අනුව අදාළ සැකකරු ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙන්නේ.