ඉෂාරා සෙව්වන්දි නැමැති සැකකාරියට සැඟව සිටීමට හා පලායාමට ආධාර අනුබල දුන් බව කියන තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන සංජිව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ලේ සංජිව නැමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් එහි ප්‍රධාන සැකකාරියවන ඉෂාරා සෙව්වන්දි මේ වනවිට අත්අඩංගුවේ පසුවනවා.
ඇයට සැඟව සිටිමට ආධාර අනුබලදුන් සැකකරුවෙකු හා මුහුදු මගින් ඉන්දියාවට බෝට්ටුවකින් පලායාමට ආධාර අනුබලදුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
ඒ කිළිනොච්චිය උදයනගර් ප්‍රදේශයේදී සහ තිහාරිය ඕගොඩපොල ප්‍රදේශයේදීයි.
කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවටගත් මෙම සැකකරුවන් යාපනය හා කිළිනොච්චිය යන ප්‍රදේශවල පදිංචිකරුවන්.